Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පොලිස්පති ඉන්න තැන ගැන, පොලීසිය ජනතාවගෙන් අසයි : දන්නවනම් කියන්න

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බවද එහිදී පෙන්වාදුන්නා.

එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

Pakistan downgrades diplomatic ties, suspends trade with India over Kashmir

Mohamed Dilsad

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Army troops continue post-disaster relief projects

Mohamed Dilsad

Leave a Comment