Trending Newsඑසැන පුවත්දේශීය

සුරා බදු ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවිය.

ඒ අනුව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය හා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා බැලිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීහු 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව පැවසූහ.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා නිශ්චිත දත්ත නොමැතිව මෙලෙස දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම ගත් පියවරයන් සාධාරණිකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවේය. එමෙන්ම මෙම දුම්වැටි වල බදු අදායම් පිළිබඳව සිදුකළ අධ්‍යයනය වලින් පෙන්නුම් කර ඇත්තේ මෙම ගණනය කිරීම් ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු බවත් අදාළ නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බවත් පැසුවේය.

ඒ අනුව මෙම බදු පැනවීම ඔස්සේ රජයට ලාභ ලබෙන ආකාරය පිළිබඳව කරක සභාවට සහතික කිරීම වැදගත් බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

එබැවින් මීලග කාරක සභාව රැස්වන දිනයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ මෙම 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමය නැවත කාරක සභාව තුළ සලකා බැලීමට සභාපතිවරයා තීරණය කළේය.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් මෙලෙස බදු වැඩි කිරීම ඔස්සේ පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය සඳහා යොමුවීමට පවතින අවස්ථාව පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ.

ඊට පිළිතුරු දුන් නිලධාරීහු එම නීතිවිරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බව පැවසූහ. එමෙන්ම මේ වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% හා අදායම 23% වර්ධනය වී ඇති බව පැවසුහ. තවද නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව පැවසුවේය.

තවද 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග කාරක සභාවේ දී සලකා බලා අනුමත කරන ලදී. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි (IRCSL) වැඩි වූ වියදම් සපුරාලීම සඳහා වාර්ෂික ගාස්තුව රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරිකයෙන් 0.125% සිට 0.2% දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

Related posts

நிதியொதுக்கீட்டில் மீனவக்குடும்பங்களுக்கு வாழ்வாதார உதவிகள் வழங்கி அமைச்சர் ரிஷாட்டின் வைப்பு!

Mohamed Dilsad

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

Sajith Premadasa vows to appoint new Premier once elected President [VIDEO]

Mohamed Dilsad

Leave a Comment