Trending Newsඑසැන පුවත්දේශීය

භූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.

භූතයන් එක්කෙනෙක් දෙන්නෙක් එකතු වී එක්සත් ජාතික පක්ෂය පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා සඳහන් කරයි. භූතයන් කෙනෙක් දෙන්නෙක් එකතුවූ පක්ෂය පාලනය කරන බවත් අපිට ළඟට එන්නේ නැති බවද පැවසූ ඔහු සියලු දෙනාම එක්වී ගමනක් යා යුතු බවද  කියා  සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ වදින බවත් ඔහු පැවසීය. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. විදුලි බිල වැඩිකිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හැකියාවක් නැති බවත් ඔවුන් එම නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුව ඒ පිළිබඳව දැනුවත් විය යුතු බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේදී කලින්ම ප්‍රශ්න කළ නමුත් ඊට නිසි පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැති බවත් මුල්‍ය අරමුදල නිර්දේශ කළාට ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය ආණ්ඩුව හදා ගත යුතු බවත් හෙතෙම පවසයි.

වාහන ගෙන්වීමේදී විදේශ සංචිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බවත් පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය හොඳ මට්ටමකට ගෙන ආ බවත් එහි ගෞරවය ඔහුට ලැබිය යුතු බවත් තව දුරටත් පැවසුවේය.

Related posts

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

Raids to curb production of banned polythene continues

Mohamed Dilsad

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment