Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන් විධිමත්ව සොයා බලන ලෙස උපදෙස් දෙන අමාත්‍යාංශය එවැනි දේශීය ආයතනය හා විදේශ විශ්වවිද්‍යාලය අතර වලංගු ගිවිසුමක් පවතින්නේ ද යන්න පරීක්ෂා කරන ලෙසත් එම විදේශ විශ්වවිද්‍යාලය පොදු රාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල වාර්ෂික පොතෙහි හෝ ලෝක උසස් අධ්‍යාපන දත්ත සමුදායේ ලැයිස්තුගත කර තිබේ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එමෙන්ම උපාධි අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් දේශීය ආයතනය සතුව තිබේද යන්න හා විදේශ විශ්වවිද්‍යාලය සමග ඍජු ලියාපදිංචිය සඳහා දේශීය ආයතනය පහසුකම් සලසන්නේ ද යන්න සහතික කර දැනගන්නා ලෙසත් අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශය විසින් පිළිගනු ලැබ ඇති නිල උපාධි ලැයිස්තුව www.mohe.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

මෙම දැනුම් දීම කිරීමට හේතු වී ඇත්තේ විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරන බව සඳහන් කරමින් ක්‍රියාත්මක උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි හේතුවෙනි.

Related posts

ධීවර ක්ෂේත්‍රයට නව ජවයක් දෙමින් ‘Aqua Planet 2025’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

Sri Lanka and Dominica to boost diplomatic ties

Mohamed Dilsad

සෞදි මුදල් නෝට්ටු විකෘති කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment