Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න එජාප ය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා…?

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී, මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීද මේ බව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කිරීමට සමගි ජන බලවේගය සූදානම් නම් ඒ සඳහාද ලබන 20 වැනිදා තෙක් කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව, එහිදී ඔහු පවසා ඇති බව සඳහන් වේ.

Related posts

වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Mohamed Dilsad

ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කළ හැකිද..?

Editor O

Don’t politicize national security matters; UNP to SLPP

Mohamed Dilsad

Leave a Comment