Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ. 

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.  සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

ලෝ පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 83 ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

බේකරි කෑම මිල ගැන දැනුම්දීමක්

Editor O

இந்தோனேசியாவில் நிலச்சரிவு – பலி எண்ணிக்கை 59 ஆக உயர்வு

Mohamed Dilsad

Leave a Comment