Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

උඩුගම සිට බද්දේගම අධිකරණ සංකීර්ණය දක්වා ධාවනය කරමින් තිබූ බන්ධනාගාර බස්රථයක්, බද්දේගම, කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී ලොරියක ගැටීමෙන් ඊයේ (14) සවස සිදුවූ අනතුරකින් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාගොඩ පොලීසිය කියයි.

අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙකු බස් රථයේ රියදුරු ඇතුළු බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ද, ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත්, සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු බද්දේගම අධිකරණ සංකීර්ණය ට රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

Related posts

வடமாகாண மருந்தகங்களில் மருந்தகர்கள் கட்டாயம் கடமைபுரிய வேண்டும்

Mohamed Dilsad

ACMC surges to a new high in Local Government Elections

Mohamed Dilsad

Ads placed for Indian Cricket Coach

Mohamed Dilsad

Leave a Comment