Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 1900ක ට අධික පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණ සමයේ දී ඝාතනය කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ රජයේ දේපළ වලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාල බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා ප්‍රකාශ කළේය.

1987 අගෝස්තු මාසයේ සිට රටේ ආරක්ෂක තත්ත්වය අනුක්‍රමිකව හා අඛණ්ඩව පිරිහී දේශපාලනඥයින්ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් එල්ලවූ බව කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද එජාප සභාපතිවරයා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම ඉලක්කය වූයේ රජය කරවූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයින් බවත් සම්ප්‍රදායික වාමාංශික නායකයෝද මෙම තර්ජන වල ඉලක්ක වූ බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ යැයි අබේවර්ධන මහතා කීය.

බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ 29 වැනි පිටුවේ සඳහන් කරුණු ගැන අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. ඉහළ මට්ටමේ දේශපාලනඥයින් හැරුණු විට, සාමාන්‍ය පොදු ජනතාව අතර වූ දේශපාලන හිතවත්තු ද තර්ජන වල ඉලක්ක බවට පත්වූ බව එම කොමිෂන් වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 1960 දෙනෙකු පමණ ඝාතනය කරනු ලැබු බව (3 වැනි පරිච්ඡේදය-සිංහල-29 වැනි පිටුව)ඇස්තමේන්තු කර ඇතැයි කොමිසම කියනවා. ඔවුන් අතර අනුගාමීව තනතුරු ලැබූ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරු දෙදෙනෙක් වන හර්ෂ අබේවර්ධන ( 1987.12.21 වන දින ඝාතනය කෙරිණි) හා නන්දලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික දෙනෙක් ද වූ බව කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

මොවුන්ගේ ප්‍රහාර වලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද ඉලක්ක වූ බවත් එවකට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා ගැන රහස් තොරතුරු එක්රැස් කිරීමේ නිරතව සිටි පොලිස් අධිකාරී ක්ලැරන්ස් පෙරේරා මහතා ජනතා විමුත්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූ බවත් බටලන්ද කොමිසම් වාර්තාවේ දැක්වෙනවා.

බට ලන්ද කොමිෂන් වාර්තාවේ මෙසේද සඳහන්ව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බෙනට් පෙරේරා මහතා ද (මොහු කඩාකප්පල් කාරී ක්‍රියා විමර්ශන කිරීම ගැන උනන්දුවක් දැක්වු නිලධාරියෙකි) ඝාතනය කෙරුණා. රජයේ දේපළවලට සිදුකරන ලද හානිය බිය උපදවන තරමින් විශාලය. පර්යන්ත ප්‍රදේශවල පිහිටි රජයේ ආයතන ගිනි බත් කරන ලදී. තවත් සැළකිය යුතු ලක්ෂණයක් වූයේ රජයේ සංවිධාන තුළ මැනවින් සංවිධානය කරන ලද වැඩ වර්ජන පැවැත්වීමය.

අත්‍යවශ්‍ය සේවා අක්‍රීය තත්ත්වයටම වාගේ පත්කළ එක් වැඩ වර්ජනයක් නම් ජාතික ප්‍රවාහන සේවකයින් විසින් දියත් කළ වැඩ වර්ජනයයි. තවත් නොයෙක් රජයේ ආයතන වල අනුක්‍රමයෙන් වැඩ කටයුතු නතර විය. මෙය සිදුවුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (D.J.V.) නමින් හැඳින්වූ සංවිධානයක් විසින් එම ස්ථාන වලට යැවූ තුණ්ඩු කෑල්ලකින් දුන් නියෝග සමගය.

මෙම වැඩ වර්ජන සමඟ එම සංවිධානය විසින්ම ප්‍රකාශයට පත් කරන ලදැයි කියැවුණු ඇත්ත වශයෙන් වූ ඇඳිරි නීති නියෝගද ක්‍රියාත්මක විය. “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග නිකුත් කරනු ලැබුයේ “කීර්ති විජයබාහු” යන නමක් යටතේය. මෙහි ප්‍රතිඵලය ලෙසට රට තුළ අරාජික තත්ත්වයක් ම බඳු තත්ත්වයක් පැවතිණි.යනුවෙන් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තැපැල් සේවකයින් සියලු අතිකාල සේවාවලින් ඉවත් වෙයි.

Mohamed Dilsad

Zoe Kravitz cast as Catwoman in ‘The Batman’

Mohamed Dilsad

Tamil Nadu Chief Minister writes to Modi again on fishermen issue

Mohamed Dilsad

Leave a Comment