Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී හමුවූ දේවල් ගැන ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කියයි.

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර අධිකරණයට භාරවී ඇති බවය.

එමෙන්ම ඊයේ (18) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බවද ආනන්ද විජේපාල මහතා සඳහන් පැවසීය.

එමෙන්ම ඔහුගේ ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් ද නිවසේ තිබී නිලධාරීන් භාරයට ගෙන තිබේ. මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

நடிகைகள் வெறும் கவர்ச்சிக்கானவர்கள் மட்டுமல்ல…

Mohamed Dilsad

தேசிய அரசாங்கம் தொடர்ந்தும் செயற்படும்

Mohamed Dilsad

President to appoint a Commission on the bond issue

Mohamed Dilsad

Leave a Comment