Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා බාර ගැනීම අද දවල් 12ට අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (20) මධ්‍යහ්න 12.00 ට අවසන් වේ.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවලදී නාමයෝජනා භාර ගැනීම සිදු කරන අතර ඒ සඳහා අද දිනයේ කෙටි වේලාවක් පවතින බැවින් හැකි ඉක්මනින් කලින් පැමිණ නාමයෝජනා පත්‍ර භාරදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.බී.එල්. රත්නායක මහතා සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.

නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා ඇතුළු විය හැක්කේ සීමිත ප්‍රමාණයකට වන අතර පක්ෂයක නම් ලේකම් හෝ බලයලත් නියෝජිතයන්ටත්, ස්වාධීන කණ්ඩායමක නම් කණ්ඩායම් නායකයාටත් නාමයෝජනා පත්‍ර භාරදීමට කාර්යාලයට ඇතුළුවීමට අවසර ලබාදී ඇත.

මධ්‍යහ්න 12.00ට නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමට පැයක කාලයක් හිමිවන අතර ඉන් පසුව පිළිගත් නාමයෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසුව කිසිදු පෙළපාලියක්, රථ පෙළපාලියක් මෙන්ම මහජන එක්රැස්වීමක් පැවැත්විය නොහැකි බව ද සභාපතිවරයා සඳහන් කරයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධා වන අයුරින් කටයුතු නොකළ යුතු බවත් මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටී.

නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි.

Related posts

පාකිස්තාන මහ කොමසාරිස් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

A Lecturer assaulted Three students in Wayamba University

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment