Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද වාර්තාවේ පිටු දෙසීයම කියවගත්තොත් හොඳයි – එජාප සභාපති වජිර අබේවර්ධන

උතුරෙත් දකුණෙත් මුළු මහත් රට පුරාම, පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර බාරදුන්නා. ගාල්ල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 19 සඳහා අලියා ලකුණ යටතේ, නාමයෝජනා පත්‍ර බාරදුන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාරදීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. එක්සත් ජාතික පක්ෂය,  අලියා ලකුණින් සහ ඇතැම් ප්‍රදේශ කිහිපයක ස්වාධීනවත් රටපුරා ම, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

වෙන් වෙන් වශයෙන් දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දී තිබුණත්, සියලු දේශපාලන පක්ෂ ගිය සතියේ හමුවී සාකච්ඡා කළා. සියලුම දේශපාලන පක්ෂ එක මතවාදය සිට රට ගැන සිතා ක්‍රියා කරනවා. කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත්වීම තුළ, සියලු පක්ෂ එකතු වුණාම, විශාල ජනබලයක් ලැබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසී සිටින සියලු දේශපාලන පක්ෂ කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට හානි කර ක්‍රියාවන් අපි කරන්නේ නැහැ. බටලන්ද වාර්තාවේ පිටු දෙසීයම කියවගත්තොත් හොඳයි.

Related posts

ஜனாதிபதி தலைமையில் சர்வக் கட்சி கூட்டம் ஆரம்பம்…

Mohamed Dilsad

Japanese technical support for Sri Lanka to manage natural disasters

Mohamed Dilsad

ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment