Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු පිටතින් කෑම ඉල්ලයි…

තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ අනුව මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අද දිනයේදී අවසර හිමි වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව චෝදනා 9ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ. ඒ චෝදනා අතර වැලිගම  ප්‍රදේශයේ W 15 හෝටලයට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමත් ඒ සඳහා පොලීසියේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 8ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමත් ඇතුළත්ව ඇත.

ඊට අමතරව රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධි බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා ද අන්තර්ගතය.

Related posts

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

தனது மகளை 10 வருடங்களாக துஷ்பிரயோத்திற்கு உட்படுத்திய தந்தைக்கு நீதிமன்றம் வழங்கிய தீர்ப்பு

Mohamed Dilsad

அலரிமாளிகையில் சசுநோதய

Mohamed Dilsad

Leave a Comment