Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේදි නැවත වරක්, මාලිමාවේ බොරුවලට, ජනතාව රැවටෙන්නේ නැහැ – පලනි දිගම්බරම්

පළාත් පාලන මැතිවරණයේදි නැවත වරක් ජනතාව නොරැවටෙන බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (23) දින මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එම පක්ෂයෙන් තරග කරන අපෙක්ෂකයන් දැනුවත් කිරිමේ රැස්විමක් කොටගල පෞද්ගලික උත්සව ශාලාවක පැවති අවස්තාවේදිය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ මේ ආණ්ඩුව ගොඩාක් බොරු කියලා තමයි බලයට ආවේ, රට සංවර්ධනය කරනවා කිව්වා, හොරු අල්ලනවා කිව්වා, පාර්ලිමේන්තුවේ හොරුන්ගේ ලැයිස්තුවක් කියනවා. හොරුන්ගේ ලැයිස්තුවේ පලනි දිගම්බරම්ගෙයි, රාධා ක්‍රිෂ්ණන්ගෙයි නම් නැ මොකද අපි හොරකම් කරලා නැ.

ජාතික ජන බලවේගයේ කදුකරය නියෝජනය කරන මන්ත්‍රිවරු කියනවා අපි කිසිදු සංවර්ධනයක් කරලා නැ කියලා, ඒ නිසා ජනතාවගෙන් සමාව ගන්න කියනවා. අපි සමාව ගත යුතු නැ මොකද අපි වතුකරය සංවර්ධනය කරලා තියෙනවා, ජනතාවගෙන් සමාව ගන්න ඕනි ජවිපේ, මොකද කර්මාන්ත ශාලා, වතු නිලධාරින් මැරුවේ ඒ අය. මෙවර ජනතාව රැවටෙන්නේ නැ, පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ අපි යනුවෙන් පැවසිය.

මෙම දැනුවත් කිරිමේ රැස්විමට දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතාද සහභාගි විය.

Related posts

2022 (2023) උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Archdiocese of Colombo receives Rs. 350 m to help Easter attack victims

Mohamed Dilsad

Prisons Dept. not informed on executions

Mohamed Dilsad

Leave a Comment