Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍යයේ යන රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ – ‍යෝෂිත රාජපක්ෂ

කොළඹ 02, උද්‍යාන පාරේ (පාක් වීදියේ) පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් පහර දුන් බවට සමාජ මධ්‍යයේ හුවමාරු වන වීඩියෝවට අදාළ ගැටුමට තාමගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තමන්ට මිතුරෙකුගෙන් ලද පෞද්ගලික ආරාධනාවක් මත තමන් බිරිඳ සමග පමණක් එම ස්ථානයට ගිය බවත්, එහිදී හඳුනාගත් පිරිසක් සමග තමන් කතා කළ බවත් ඒ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

තවද අදාළ සමාජ ශාලාවේ සිටි පිරිසක් එහි සේවකයන් සමඟ බහින් බස් වීමක් වී ගැටුමක් ඇති කරගත් අවස්ථාව වන විට තමා සහ බිරිඳ එම සමාජ ශාලාවෙන් පිටත්ව ගොස් තිබූ බවත් ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්

සමාජ මාධ්‍යයේ යන රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ – ‍යෝෂිත රාජපක්ෂ

සමාජ ජාලාවල මේ දිනවල සංසරණය වන වීඩියෝවට අදාළ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට මාගේ කිසිදු සබඳතාවක් නොමැති බව අවධාරණය කරමි. මෙම සිදුවීම වූ දිනයේ එම රාත්‍රී සමාජ ශාලාවට මා පැමිණ සිටියේ මාගේ බිරිඳ සමඟ ය. එසේ නොමැතිව කිසියම් මිතුරන් කණ්ඩායමක් සමඟ නොවේ.

මිතුරෙකුගේ පෞද්ගලික ආරාධනාවකට අනුව මෙම රාත්‍රී සමාජ ශාලාවට මා සහ මගේ බිරිඳ ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් මා හඳුනාගෙන කතා බහ කළ බව සත්‍යයකි.

අදාළ සමාජ ශාලාවේ සිටි පිරිසක් එහි සේවකයන් සමඟ බහින් බස් වීමක් ඇති ව එය ගැටුමක් දක්වා දුර දිග යන අවස්ථාව වන විට මා සහ බිරිඳ එම සමාජ ශාලාවෙන් නික්ම ගොස් තිබිණි.

එසේ තිබිය දී, මා එම සමාජ ශාලාවේ සේවකයන් සමඟ ගැටුමක් ඇතිකරගත් පරිද්දෙන් සමාජ ජාලාවල පුවත් නිර්මාණය කරමින් මාගේ පියාවන පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ වැඩිමල් සොහොයුරු නාමල් රාජපක්ෂ මහතාටත්, ඔවුන්ගේ දේශපාලනයටත් මඩ අවලාද නැගීම ගැන අතිශය කණගාටු වෙමි.

ගැටුම ඇතිකරගත් පිරිස කිසිවිටකත් මා සමඟ පැමිණි පිරිසක් නොවන බව අවධාරණය කරන අතර ගැටුමට සම්බන්ධ පිරිසට නීතිය ක්‍රියාත්මක කරන විට ඒ බව හෙළි වනු ඇතැයිද අවධාරණය කරමි.

යෝෂිත රාජපක්ෂ

Related posts

Republicans launch bid to impeach US Deputy Attorney General

Mohamed Dilsad

“We thank Minister Bathiudeen for solutions” All-Island Agrarian Federation National Organiser

Mohamed Dilsad

Sri Lanka vs England 2nd Test Day 1: England win toss, elect to bat

Mohamed Dilsad

Leave a Comment