Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිට එරෙහි විශ්වාසභංගය ට සමගි ජන බලවේගයේ පූර්ණ සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය ආණ්ඩුව සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකළ පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Related posts

Windy condition expected to strengthen – Met. Department

Mohamed Dilsad

Conor McGregor in custody in New York after turning himself in

Mohamed Dilsad

பிரபல நடிகையின் படத்தில் தமன்னாவின் கிளாமரான ஆட்டம்…

Mohamed Dilsad

Leave a Comment