Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි උපරීම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

Voting cards for Presidential Election to be delivered to Postal Dept. today

Mohamed Dilsad

மாணவிகள் இருவர் மீது 48 வயது ஆசிரியர் பாலியல் துஷ்பிரயோகம்

Mohamed Dilsad

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment