Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට, අයවැයෙන් විසඳුමක් නොදීම ගැන, වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජෝසෆ් ස්ටාලිං

ගුරු විදුහල්පතින්ගේ වැටුප් විෂමතාවය විසඳීමට අයවැයෙන් සාධනීය මැදිහත්වීමක් කර නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති අරගලයකට සූදානම් වෙමින් සිටින බවය.

මෙවර අයවැයේදී සුබෝධනී කමිටු වාර්තාව ගැන වචනයක්වත් සඳහන් කර නැති බවද කී ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගෙන් බරපතල විරෝධතාවක් එල්ල වී ඇති බවද පැවසුවේය.

ඒ අනුව ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපන සේවා, ගුරු උපදේශක හා පිරිවෙන් ගුරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තිය සමිති එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

Mohamed Dilsad

Mahindananda Aluthgamage released on bail

Mohamed Dilsad

Twelve Persons nabbed over Minneriya issue

Mohamed Dilsad

Leave a Comment