Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මාසික කුලීය වැඩ් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු කළ ඉල්ලීම, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. මෙම මන්ත්‍රී නිල නිවාසයක මාසික කුලිය රුපියල් 2000කි.

මන්ත්‍රීවරුන්ගේ කෑම බිල වැඩි කරන අවස්ථාවේදී මෙම නිල නිවාස කුලියද වැඩි කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය කාලයේදී ආණ්ඩුව ඉල්ලීමක් කළේය.

මාදිවෙල මන්ත්‍රී බංගලාවල මාසික කුලිය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය වී නැතැයි දැනගන්නට ඇත. මාදිවල මන්ත්‍රී බංගලාවල මන්ත්‍රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් දැනට රැඳී සිටිති. ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.

කොළඹින් නිවාස ඉල්ලූ සියලුම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ගෙවල් ලබාදී අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මෙසේ නිවාස ලබාගෙන ඇති වැඩි පිරිසක් ඈත දුර බැහැර මන්ත්‍රීවරු වෙති.

Related posts

பாராளுமன்ற குழப்ப நிலை தொடர்பான அறிக்கை பாராளுமன்றுக்கு

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද සුළං

Mohamed Dilsad

මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment