Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ පනස් දහසක්…?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් සේවයේ යෙදීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.තවද දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් පමණ ස්ථාපිත කිරීමට සිදුවන බවද වාර්තා වේ.

ඒ අනුව බොහෝ ඡන්ද මධ්‍යස්ථානවලට රාජ්‍ය සේවකයන් දස දෙනෙකු බැගින් රාජකාරී සදහා යෙදවීමටද සැලසුම් කර ඇති බව පැවසේ. එවන් පසුබිමක් තුළ ඡන්ද පොළ රාජකාරී සඳහා අවම වශයෙන් රාජ්‍ය සේවකයන් එක් ලක්ෂ 30,000කට ආසන්න පිරිසක් යෙදවීමට සිදුවන බවද සඳහන් වේ.

මෙවර ඡන්ද ගණන් කිරීම සිදුවන්නේද ඡන්ද මධ්‍යස්ථාන තුළදී වන් අතර, එහෙත් කුඩා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි එක් මධ්‍යස්ථානයක් වෙත රැගෙනවිත් ගණන් කිරීමට නියමිතව තිබෙන බව වාර්තාවේ. ඒ පිළිබද  දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු  ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැයි මස 06 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

மாணவர்கள் சிலரை தாக்கிய சம்பவம்-பல்கலை மாணவர்கள் 13 பேர் கைது

Mohamed Dilsad

මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment