Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පෙට්‍රල් මිල පහළ ට – ගෑස් මිල ඉහළ ට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනය මගින් සඳහන් කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.

මේ අතර, අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත්  කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි

Related posts

බිත්තර මිල පාලනයට

Mohamed Dilsad

Indo – Sri Lanka Seventh Staff Talks held in Colombo

Mohamed Dilsad

Sri Lanka unhappy with India’s budget allocation, keen for review

Mohamed Dilsad

Leave a Comment