යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී ”ටින්” අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 2025 අප්‍රේල් මස 15 වන දින සිට මෙම නීතිය බලපැවැත්වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් ඔබට ”ටින්” අංකය ලබාගත හැකි අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එය ඉදිරිපත් කිරීමේදී විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමඟ තහවුරු කළ යුතු වෙයි.