ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය අනුව, ශ්‍රී ලංකාවට පැනවෙන සියයට හතළිස් හතරක් වූ නව තීරු බද්ද ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඉදිරියේදී මෙරටට නව තිරු බදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.
ඇමෙරිකාව ලෝකයේ අනිත් රටවල් සමග ඇතිකර ගන්නා වෙළඳ බාධාවල් තුළින් ලෝකයේ නව වෙළඳපළවල් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි විශ්වාසයක් ඇති බවද හෙතෙම කියයි.. එනිසා වත්මන් තත්ත්වය බාධාවක් ලෙස සලකනවාට වඩා අවස්ථාවක් ලෙස භාර ගැනීමට සූදානම් බවත් ඇමතිවරයා පැවසුවේය.
ඇමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති ඇමතිවරයා එම අදහස් පළ කළේය.