Trending Newsඑසැන පුවත්දේශීය

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවධානම ගැන විපක්ෂ නායකගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට කරන අපනයන සඳහා සියයට 44%ක තීරු බද්දක් පැනවීම හේතුවෙන්, වත්මන් ප්‍රමුඛ ආණ්ඩුව කලබලයට පත්වී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) කොළඹදී පැවැති සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය අමතමිනි

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. මේ ප්‍රශ්නය පිළිබඳව අපි අනතුරු ඇඟවීම් කළේ මීට මාස ගණනාවකට පෙර , ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන විට ආණ්ඩුව රීති ප්‍රශ්න මතු කර මයික්‍රෝෆෝන පවා විසන්ධි කරමින් ආණ්ඩුව තාවකාලික වින්දනයක් ලැබුවා.

සියයට 44% ක් තීරු බදු අපේ රටට පැනවීම හේතුවෙන්, මෙරට අපනයන බරපතල අවධානමකට ලක්වෙලා. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය මහා උග්‍ර අර්බුදයකට මුහුණ දීමට සිදුවේවි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් 200 සහ අපේ රටේ අපනයන ක්ෂේත්‍රයෙන් ජීවත් වන ලක්ෂ ගණනකගේ රැකියා අහිමි වීමේ අවධානමක් තියෙනවා. ඒත් වත්මන් ආණ්ඩුව කිසිදු ගාණක් නොමැති බවත්, සුපුරුදු බොරුවම කියමින් ජනතාව රවටමින් සිටින වා යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුවට කරුණු කාරණා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරණ විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විශේෂිත දුත කණ්ඩායමක් යවනවා කියා කිව්වත් ආණ්ඩුවෙන් එවැනි දූත කණ්ඩායම යැව්වේ කවදාද සහ ඒ සදහා යැවූ සාමාජිකයන් කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් තවදුරටත් බොරු නොකියා මෙම දූත කණ්ඩායම හරහා ලබා ගත් ප්‍රගතිය කුමක්දැයි අනාවරණය කළ යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය ට පැමිණි ජනතාවගෙන් කොටසක්

Related posts

“How can an election be undemocratic?” Namal questions

Mohamed Dilsad

கல்விசாரா ஊழியர்களின் போராட்டம் தொடர்கிறது

Mohamed Dilsad

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment