Trending Newsඑසැන පුවත්දේශීය

එස්.එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩ

වසර 16 බැගින් සිරදඬුවම් නියම කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයට අයත් මුද්‍රණ අංශයේ වැඩ සඳහා ඔහු යොමුකර ඇති බව පැවසේ.

මේවන විට එස්.එම්. රංජිත් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ තවත් සිරකරුවන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් සමඟ රඳවා සිටින බවද වාර්තා වේ. ඒ අනුව ඔහු පෙරවරු 07.00 සිට පස්වරු 04.00 පමණ දක්වා මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කෙරෙන බව පැවසේ.

කෙසේවෙතත් ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී කර්මාන්ත අංශයේ වැඩ සඳහා සිරකරුවන් යොදා ගැනීම සිදු නොවන බවද පැවසේ. මේ අතර ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ සඳහා යොමු කර තිබෙනවා.

Related posts

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

All 78 child hostages released in Cameroon, two teachers held

Mohamed Dilsad

அமித் வீரசிங்க நாளைய தினம் வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment