Trending Newsඑසැන පුවත්දේශීය

අප්‍රේල් මාසයේ දින 10ක් තුළ  නීති විරෝධී මත්පැන් ජාවාරම් 1,320ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වටලයි.

සුරාබදු දෙපාර්තමේන්තුව අප්‍රේල් 03 සිට 12 වෙනිදා දක්වා සිංහල අලුත් අවුරුදු සමය තුළ දිවයින පුරා නීති විරෝධී මත්පැන් ජාවාරම්, වැටලීම් 1,320 ක් සිදු කර පුද්ගලයන් 1,320 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්. අප්‍රේල් 03 වෙනිදා සිට 12 වෙනිදා දක්වා කාලයේදී මෙම වැටලීම් සිදු කර ඇත.

එම වැටලීම් අතර, නීතිවිරෝධී මත්පැන් ස්කාගාර 224ක්, නීති විරෝධී මත්පැන් විකිණීම සහ සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන් 31ක්, නීති විරෝධී ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, විකිණීම සිද්ධීන් 658ක්, නීති විරෝධී රා සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, විකිණීම සිද්ධීන් 134ක්, නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, විකිණීම සිද්ධීන් 43ක්, නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, විකිණීම සිද්ධීන් 83ක්, වෙනත් වැරැදි 05ක් එම වැටලීම් අතර වන  බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 කෙටි දුරකථන අංකයට මහජනතාවගෙන් ලැබුණ පැමිණිලි අනුව, මෙකී වැටලීම්වලින් බහුතරයක් සිදු කර ඇත.

මෙකී වැටලීම් සඳහා සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සුරාබදු නිලධාරීන් 900කට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබේ.

Related posts

1000 CC இற்கு குறைவான வாகனங்களுக்கான இறக்குமதி வரி அதிகரிப்பு

Mohamed Dilsad

Malta businessman held on yacht in journalist murder probe – [IMAGES]

Mohamed Dilsad

கடல் மிகவும் கொந்தளிப்பாக காணப்படுவதுடன் காற்றின் வேகம் சடுதியாக அதிகரிக்கும்

Mohamed Dilsad

Leave a Comment