Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ බදු ගැන වහා සාකච්ඡා කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාතයන් සම්බන්ධයෙන් වහා සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එය නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් නොව ජනාධිපති අනුර දිසානායක මහතා මුහුණට මුහුණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සමග සිදු කරන සාකච්ඡාවක් විය යුතු බව බවත් හෙතෙම පැවසීය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියානු නායකයා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල රාජ්‍ය නායකයින් එ් ආකරෙන් කටයුතු කරමින් තම බදු අනුපාතයන් සම්බන්ධයෙන් ඵලදායි එකඟතාවන්ට පැමිණ ඇති බවත් ඒ අනුව වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාද වහා ඇමරිකාවට ගොස් ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවී මෙම ගැටළුවට සාධනීය මැදිහත්වීමක් සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

මං දන්නෑ මට බෑ කියමින් තව දුරටත් සැගවී නොසිට කඩිනමින් ඇමරිකාවට ගොස් එම කටයුතුවල නිරත වන ලෙස අවධාරණය කර සිටින බවත් මාධ්‍ය අමතමින් කියා සිටියේය. මෙම තත්වය යටතේ ඉදිරියේදී GSP+ සහනයද අහිමි වීමේ තත්වයක් උදා වී ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Related posts

Sri Lanka – Thailand to sign agreement on Aviation Services

Mohamed Dilsad

SAUDI ARABIA SHOULD ‘LOOK IN THE MIRROR’ BEFORE CRITICISING TURKEY’S OPERATION IN SYRIA

Mohamed Dilsad

Trump impeachment: Pelosi launches inquiry into Ukraine claims

Mohamed Dilsad

Leave a Comment