Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

එයින් සිද්ධීන් 14ක් තහවුරු වී ඇතැයි ද පැවසු ඒ මහතා මැතිවරණ නීතින් උල්ලංඝනය වීම සිද්ධීන් 322ක් මේ වනවිට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇතැයි ද කියා සිටියේය. ඒ යටතේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් වාර්තාවී ඇති අතර ඉන් 17ක් තහවුරු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

එමෙන්ම ඡන්ද දායකයින්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් සිද්ධීන් 38ක් වාර්තා වන නමුත් අපේක්ෂකයින් 70,000ක ප්‍රමාණයක් තරග කරන තත්ත්වයක් තුළ එය බරපතළ තත්ත්වයක් නොවන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

අපේක්ෂකයින් රැසක් අත්අඩංගුවට ගැනීම් ද වාර්තා වන බව පැවසු ඒ මහතා එක් අපේක්ෂකයෙක් ඝාතනය වී ඇති නමුත් එය මැතිවරණය ඍජු සම්බන්ධයක් ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නොමැති බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, රාජ්‍ය බලය සහිතව යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ඍජු බලපෑමක් එල්ල නොවුණත් ඉන් වක්‍ර බලපෑමක් ඡන්දදායකයින්ට එල්ල විය හැකි බවය.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක්

Mohamed Dilsad

President must act according to his mandate- JVP

Mohamed Dilsad

“My Government never betrayed India” – Former President Mahinda Rajapaksa

Mohamed Dilsad

Leave a Comment