Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

යුරෝපා සංගමයේ ජීඑස්පී+ අධීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලබන 28 වනදා සිට මැයි මස 7 වනදා දක්වා එම කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ජීඑස්පී+ වැඩසටහන යටතේ වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී මෙරට ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස සංචාරයේ නිරත වනු ඇති.

ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස මෙන්ම යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරනු ලබනවා.

අදාළ මෙහෙයුම් කණ්ඩායම මෙරට රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති අතර අදාළ ක්ෂේත්‍ර චාරිකාවල ද නිරත වනු ඇති.

Related posts

3D technology must include Education Purpose – Education Minister

Mohamed Dilsad

Massive fire ravages Notre-Dame Cathedral

Mohamed Dilsad

கல்வி அமைச்சர் ஜனாதிபதி ஆணைக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

Leave a Comment