Trending Newsඑසැන පුවත්දේශීය

දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ‘සිරි දළදා වන්දනාව’ වේ අවසන් දිනය අදට (27) දිනට යෙදී තිබේ. ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18වනදා සිටය. 

ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ‘සිරි දළදා වන්දනාව’ සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වේ.

මේ අතර මහනුවර නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සදහන් කළේය.

Related posts

கூரிய ஆயுதத்தால் தாக்கப்பட்டு நபரொருவர் கொலை

Mohamed Dilsad

සිංහරාජය මැදින් පාරක් හදනවද..? – පරිසර ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

பூஜித ஜயசுந்தர குற்றப் புலனாய்வு பிரிவினரால் கைது

Mohamed Dilsad

Leave a Comment