උසස් පෙළ 2024 විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබෙනවා.
ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවාය. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන් දෙදෙනෙකු විසින් ගණිත අංශයෙන් දිවයිනේ තවත් ස්ථාන දෙකක් හිමි කර ගෙන ඇත.
ඒ දිවයිනේ තෙවන ස්ථානය සහ පස්වන ස්ථානය දිනා ගනිමින්. ඒ අනුව, ගණිත අංශයෙන් දෙවන ස්ථානය තෙවිඳු දිල්මිත් දහනායක සිසුවාද, ගණිත අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා හිමිකරගෙන තිබේ.
වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවියයි. කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනෙලි චමත්කා රණසිංහ සිසුවිය විසින් හිමිකරගෙන ඇත.
