Trending Newsඑසැන පුවත්දේශීය

දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් දන්සල් මැයි මස 09ට පෙර ලියා පදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි. ඵහි ලේකම් චමිල් මුතුකුඩ මහතා බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියා පදංචි කිරීමට පියවර ගන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන් දහසක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට යොදවන බව ලේකම්වරයා පැවැසීය.

දන්සල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙස පැවැසූ චමිල් මුතුකුඩ මහතා විසින් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන් කරන ලදී.

Related posts

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ඩයනාගේ සිද්ධිය ගැන සොයාබලන කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

අද දිනයේදී මේ දක්වා හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාම නාවිකයන් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment