ප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල

(උදයම්,කෑගල්ල)  –  කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ පස්වරුවේ කප්පම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස වෙඩි වැදී ඇත.

සිය පවුලේ සාමාජිකයින් ඝාතනය කරන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 30ක කප්පමක් ඉල්ලා පසුගිය 19 වන දින සිට කිසියම් පුද්ගලයෙකු දුරකථන ඇමතුම් ලබාදෙන බවට කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

මේ සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර  ඇත.

ඒ අනුව  අදාළ කප්පම් මුදල  හෙට්ටිමුල්ල ප්‍රදේශයට රැගෙන එන ලෙසට කප්පම්කරුවන් විසින් පොලීසියට පැමිණිලි කළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට යොමු කිරීමට කෑගල්ල පොලීසිය පියවර ගෙන තිබේ.

පැමිණිලිකරු විසින් කප්පම්කරුවන්ට මුදල් ලබාදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන්  කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.

එහිදී එක් සැකකරුවෙකු පොලිස් පරීක්ෂකවරයෙකු සමඟ පොරබැදීම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයකට වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොරබැදූ සැකකරු ද පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිය පවසයි

මුදල ලබාගැනීමට පැමිණි  තවත් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

Mohamed Dilsad

ගෝඨාගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11…

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

Leave a Comment