ප්‍රමුඛ පුවත 1

රතුපස්වල වෙඩි තැබීමට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට

(උදයම්,කොළඹ) –  පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනී.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  මහතා සඳහන් කළේය.

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

Related posts

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අද (18) විපක්ෂ නායක කාර්යාලයට…

Mohamed Dilsad

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment