ක්‍රීඩා

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

(උදයම්,ස්පාඤ්ඤය)  –  සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට එරෙහිව පහළ උසාවියක් දී තිබුණ මාස විසි එකක සිර දඬුවම ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තහවුරු කරයි.

ඔහුට මෙම සිර දඩුවම ලබා දී ඇත්තේ, බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට පිරිනැමෙන අධිකරණ සහනයක් යටතේ ලයනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

Related posts

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

Mohamed Dilsad

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment