Trending News

බලශක්තියෙන් සුරක්ෂිතවීමේ ස්ථීර සාර වැඩපිළිවෙළක් සඳහා ශී‍්‍ර ලංකාවට සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා අගමැති පවසයි

(උදයම්, කොළඹ) – බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශී‍්‍ර ලංකාවට සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

ඔස්ටේ‍්‍රලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව ඊයේ (25) පෙරවරුවේ ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ඔස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ශී‍්‍ර ලංකාවේ ආයෝජන සඳහා ඔස්ටේ‍්‍රලියා ආයෝජකයින් සූදානමින් සිටින බව පැවසූ ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍යවරයා ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවට ද සහතික විය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ මැණුම් කටයුතු සහ තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාවේ තාක්ෂණික සහය ලබාදිය හැකි බව ද පැවසූ ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා ඔස්ටේ‍්‍රලියාවේ තාක්ෂණික හා පර්යේෂණ දැනුම ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ මානව සම්පත පුහුණු කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාවේ සහය ලබාදීමටද එකඟතාවය පළ කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංක‍්‍රමණිකයින් වැළැක්වීමට ශී‍්‍ර ලංකා රජය ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍යවරයා එම සහය අඛණ්ඩවම අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුහුදු මාර්ගයෙන් ශී‍්‍ර ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහය ලබාදෙන ලෙස ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට කඩිනම් ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බවට සහතික විය.

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඔස්ටේ‍්‍රලියාවේ සහය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ඔස්ටේ‍්‍රලියා ජාතික විද්‍යා තාක්ෂණ සංවිධානයේ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

එම නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා එරට අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ (Government House) සංවිධානය කර තිබු විශේෂ පිළිගැනීමේ උත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අග‍්‍රාණ්ඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග‍්‍රාණ්ඩුකාර Sir Peter Crosgrove මහතා සහ එම මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.
ආචාර වෙඩිමුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ෂවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි. එමෙන්ම දෙරටේ ජාතික ධජ වලින් අග‍්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ‍්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සඳහා තම රජය කැපවී සිටින බවත් ඒ තුළින් ජනතාවට සෞභාග්‍ය උදාකර දීමට අපේක්ෂා කරන බවත්ය.

දශක හතක් පුරා පැවති ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඔස්ටේ‍්‍රලියා රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු ශී‍්‍ර ලංකා නියෝජිත පිරිස එක් විය.

ඉන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ දේශසීමා සහ ආගමන විගමන කටයතු පිළිබඳ අමාත්‍ය Peter Dutton මහතා සහ ජනධිපතිතුමා අතර හමුවක් එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමුවීමට පැමිණියේ ඔස්ටේ‍්‍රලියා විදේශ කටයුතු ඇමතිනි Julie Bishop මහත්මියයි.

ඔස්ටේ‍්‍රලියා ආරක්ෂක ඇමතිනී Marise Payne මහත්මිය ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමු වූවාය.

එම හමුවෙන් අනතුරුව ඔස්ටේ‍්‍රලියා විපක්ෂනායක Bill Shortern මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පැවැත්විණි.

සිය සංචාරයේ දෙවන දින නිල කටයුතු සාර්ථකව නිමාකළ ජනාධිතිතුමා ඉන් අනතුරුව සිඞ්නි නුවර බලා පිටත්ව ගියේය.

අද සිඩ්නි නුවර පැවැත්වෙන ව්‍යාපාරික හමුවක් සඳහා ජනාධිපතිතුමා එක්වීමට නියමිතය.

Related posts

Marcus Stoinis heading home with shoulder injury

Mohamed Dilsad

நாவலப்பிட்டியில் தீ இரண்டு குடியிருப்புகள் சேதம்

Mohamed Dilsad

Six suspects arrested for heroin distribution

Mohamed Dilsad

Leave a Comment