විදෙස්

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

(උදයම්, කොළඹ) – මැන්චෙස්ටර්, ට්‍රැෆර්ඩ් ප්‍රදේශයට පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ සැක කටයුතු පාර්සලයෙහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් අඩංගු නොවූ බව වාර්තා වෙයි.

වසා දමා තිබුණු අවට මාර්ග නැවත විවෘත කර ඇත.

මේ අතරතුර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍යයේ අවදානම් මට්ටම “ඉහළම තත්වයෙන් තවමත් පවතින අතර ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු” බවය.

අගමැතිනිය මේ බව පවසා ඇත්තේ හදිසි අවස්ථාවක දී පමණක් කැඳවන ‘කෝබ්‍රා’ රැස්වීමේදී ය.

පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි පුපුරා ගිය බෝම්බයෙට ගොදුරු වී 22දෙනෙකු මියගිය අතර 64 දෙනෙක් තුවාල ලැබුහ.

Related posts

කොවිඩ් වලට එරෙහි සාර්ථක එන්නතක් රුසියාවෙන්

Mohamed Dilsad

ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයි

Mohamed Dilsad

ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය අමතයි

Mohamed Dilsad

Leave a Comment