විදෙස්

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

(උදයම්,කොළඹ ) – යුරෝපයේ රටවල්වලට කිසිවෙකුගේ උපදෙස් අවශ්‍ය නොවන බව ප්‍රංශය ප්‍රකාශ කරයි.

ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලන්ඩ් මේ බව කියා සිටියේ පසුගියදා ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

ඔහු මීට පෙර කියා සිටියේ ජර්මනිය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති නිවැරදි නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද අදහස් පළ කර තිබේ. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නිසි තීන්දු ගැනීම යුරෝපා කවුන්සිලය සතු රාජකාරියක් බව ඇය මෙහිදී පවසා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජෝන් කෙරී, වෙබ් අඩවියකට ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටක දේශපාලනික කරුණු සදහා මැදිහත් විම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.

 

Related posts

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

Mohamed Dilsad

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පාකිස්ථානයට

Mohamed Dilsad

තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment