Trending News

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය ගණන 100යි 99 දෙනෙකු අතුරුදන්

(උදයම්,කොළඹ)    – අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට ලක්වූ සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකය.ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්.
මෙම දිස්ත්‍රික්ක 14රේ පවුල් 52,503 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 382  පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.
එමෙන්ම පවුල් 2937කට අයත් පුද්ගලයෝ 12,007 දෙනෙක් අවතැන් කදවුරු 69ක රදවා සිටිති.මේ අතර කැළණි ගඟේ පහත්බිම් රැසක් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ජලයෙන් යට වී ඇත.
අ අනුව කොළොන්නාව, කැළණිය, බියගම, පාදුක්ක, හංවැල්ල, දොම්පේ, අවිස්සාවේල්ල මෙලෙස ජලයෙන් යට වී තිබේ.
ඒ සමගම නිල්වලා, ගිං, කළු ගංඟා ද තවදුරටත් පිටාර ගලමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති.
ගාල්ල, රත්නපුර, කළුතර ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් අවතැන් වී සිටිති.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා තත්ත්වය ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් සහ සියලූම ක්ෂේත්‍ර නිලධාරින්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු කරඇත.
එමෙන්ම, ගංවතුර තර්ජනයට ලක්වී ඇති ප්‍රදේශවල යම් නිලධාරි හිගයක් ඇතිවී තිබේ නම් විශ්‍රාමික  ඕනෑම රජයේ නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබීමද විශේෂත්වයකි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගංවතුරට කොටුවී සිටින ජනතාව මුදා ගැනීම සදහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර අමාත්‍යාංශය ද මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත.
එමෙන්ම  මුදා ගැනීමේ කටයුතු සදහා දැනුම්දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ද විශේෂ දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව 0112 343 970 ඇමතීමෙන් අදාළ තොරතුරු ගුවන් හමුදාවට ලබාදිය හැක.
මේ අතර අවශ්‍ය සහන සේවා සහ මුදා ගැනිම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය අඛණ්ඩව ලබාදී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
නවිට හමුදා භට පිරිස් 800ක් සහ ගුවන් හමුදාවට අයත්  ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුලු යානා 06ක් මෙන්ම නාවික සහන භට කණ්ඩායම් 28 කට වැඩි පිරිසක් ද යොදවා ඇත.

Related posts

உயிர்த்த ஞாயிறு தாக்குதல் – 13 பேரின் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Joint Opposition decides to go ahead with No-Confidence Motion on Prime Minister

Mohamed Dilsad

Two schoolgirls swept away by floodwaters; body recovered

Mohamed Dilsad

Leave a Comment