ප්‍රමුඛ පුවත 1

“අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න” – ජනපති

(උදයම්, කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැළසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඔස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (26) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් උපදෙස් ලබා දුන්නේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතු සඳහා කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප‍්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන්ම ආපදාවට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා අවතැන් වූ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම සුබසාධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමට සහ අදාළ අංශ සම්බන්ධ කර ගනිමින් මෙම කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන ලෙස ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා වෙත දැනුම් දෙන ලදී.

එමෙන්ම හදිසියේ ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය බලවත් ශෝකය පළ කරන අතරම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කරයි.

Related posts

බෝම්බ පිපිරීමක් පිළිබඳව ඉරාන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

Mohamed Dilsad

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment