Trending News

මෝරා සුළි කුණාටුව දිවයිනෙන් ඈතට. තවදුරටත් වැසි

(උදයම්,කොළඹ)  –  මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක්  බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෝරා  සුළි කුණාටුවේ  බලපෑම හේතුවෙන්  දිවයින හරහා  අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන්  අපේක්ෂා කල හැක.

දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා තද සුළං ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විට හැක.

සමහර ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ සඳහන් කරයි.

උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මෝරා  සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්  දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර සුළං සහ වැසි තත්ත්වයන්  අපේක්ෂා කල හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළං  නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 40-50ක් පමණ වේ.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට සුළගේ වේගය විටක පැ.කි.මී.70-80 දක්වා වැඩි විය හැකි බැවින්  එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැකි බැවින්  එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටි.

Related posts

AG seeks fuller bench to hear petition against IGP and fmr. Defence Secretary

Mohamed Dilsad

“Forrest Gump” getting a Bollywood remake

Mohamed Dilsad

15 hour water cut in several areas

Mohamed Dilsad

Leave a Comment