ප්‍රමුඛ පුවත 1

සුරක්ෂිත කඳවුරුවලට ජලය නොමැති නම් දැනුම් දෙන්න

(උදයම්,මාතර)  –  මාතර දිස්ත්‍රික්කයේ 70,000ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් 60,000කට පමණ ජල සැපයුම අක්‍රීයවී ඇති බවත් දැනට මාදුගඟ ආශ්‍රයෙන් 7,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ජල සැපයුම නැවත ලබාදී ඇති බවත් නගර සැලසුම් හා  ජල සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එබැවින් දැනට බාධාවකින් තොරව ජලය ලැබෙන පිරිස් බීමට පමණක් එම ජලය භාවිතා කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ සිදු කළහොත් ඉතිරි ප්‍රදේශවලටත් අඩු පීඩනයක් යටතේ හෝ ජල සැපයුම ලබාදීම පහසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

දැනට අවතැන් කඳවුරුවල සිටින ජලය නොලැබෙන පිරිස්  077 7724360, 077 7891332 හා 071 4532222 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසත් එසේ දැනුම් දුනහොත් ඉතා කඩිනමින් බවුසර් හා ගැලුම් මගින්, ගුවනින් හෝ බෝට්ටු ආධාරයෙන් ජලය සැපයීමට කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය [PRESS RELEASE]

Mohamed Dilsad

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

Leave a Comment