Trending News

මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට.110ක් අතුරුදන් (UPDATE)

(උදයම්,කොළඹ) –   ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

  නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු මියගොස් 110 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 588,082 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 368 පුද්ගලයන් 76,902 පමණ රැදි සිටි.

 

(උදයම්,කොළඹ)UPDATE  – ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) පස්වරුව වනවිට 177 දක්වා ඉහළ ගොස් ඇත.පුද්ගලයින් 109ක් අතුරුදහන් වී ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්තානය පවසයි.

(උදයම්,කොළඹ)  – ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 111ක් අතුරුදහන් වී ඇති අතර තූවල ලැබූ 95 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ, පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, මේ වනවිට පවුල් 112565කට අයත් පුද්ගලයින් 438295ක් අවතැන්වී ඇතැයි ද පැවසී ය.

පූර්ණ නිවාස හානී 250ක් ද අර්ධ හානී නිවාස සංඛ්‍යාව 1785කි.විපතට පත් පවුල් 24735ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 339ක රඳවා සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

Related posts

Low water pressure to affect several areas in Colombo

Mohamed Dilsad

தமிழ் மக்களின் தியாகத்திற்கு நியாயமான அரசியல் தீர்வே வேண்டும் முன்னாள் பாராளுமன்ற உறுப்பினர் சந்திரகுமாா்

Mohamed Dilsad

இலங்கையில் இடம்பெற்ற வெடிப்புச் சம்பவங்களை பொறுப்பெற்ற IS அமைப்பு

Mohamed Dilsad

Leave a Comment