ක්‍රීඩා

ස්කොට්ලන්තයට ජය

(උදයම්,එංගලන්තය)  – චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට එංගලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගි වූ පුහුණු තරඟයකින් පරාජයට පත්ව තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි එක් පන්දුවක් තුල සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 287ක් රැස් කළේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 79 ක් සහ චාමර කපුගෙදර ලකුණු 71ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 03 ක් බිදවැටි එම සීමාව පසුකර ගිය අතර ඒ අනුව කඩුළු 07ක ජයක් ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ට හිමිවුණි.

ජුනි පළමුවනදා ආරම්භ වන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී‍්‍ර ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි 03 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවත්වෙනු ඇත.

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

තරඟයක් හේතුවෙන් ඩිල්ෂාන් අසතුටින්

Mohamed Dilsad

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment