විදෙස්

‘මෝරා’ බංගලාදේශයට ඇතුල් වෙයි

(උදයම්,බංගලාදේශය)  –  ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ “මෝරා” සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි.

පැයට කිලෝමීටර් 117ක වේගයෙන් බංගලාදේශයට ගිනිකොණදිග ප්‍රදේශයෙන්  ඇතුළු වී තිබේ.

සුළි කුණාටුවේ බලපෑම නිසා මේ වන විටත් බංග්ලාදේශයට දැඩි වර්ෂාවක් ද ඇද හැලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා එරට මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

මෝරා සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවලට ද බලපෑම් එල්ල කරනු ඇති බව විදෙස් කාලගුණ අංශ අනතුරු අඟවයි.

Related posts

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන අට කෝටි 50ලක්ෂට ආසන්නවෙයි

Mohamed Dilsad

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment