ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු ආධාර රැගෙන තෙවන නෞකවත් දිවයිනට

(උදයම්,කොළඹ)  –  අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් ඉන්දියාවේ “ජලශ්වා“  නෞකාව කොළඹ වරායට පැමිණෙයි.ඉන්දියානු රජය විසින් ආධාර රැගෙන මෙරටට එවන ලද තෙවන නෞකව මෙයවේ.

එම ආධාර ජනාධිපති ලේකම්වරයා විසින් බාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කරයි.

නෞකාවෙන් පැමිණි  වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබේ.

වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍යය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය, ඇතුළත් ටොන් 10ක් පමණ වන ආධාර තොගයක් මෙලෙස හිමිව ඇති බව වාර්තාවේ.

Related posts

මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

මුස්ලිම් සේවකයන්ගේ වැටුප් 22 ට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment