(උදයම්,කොළඹ) – රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව හෙට පස්වරු 1.00 වන තෙක් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
විශේෂයෙන් රත්නපුරය (රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කෑගල්ල ( බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට)යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
ගාල්ල(බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ) හා ආශ්‍රිත ප්‍රදේශ ,
කළුතර( බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය) ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
මාතර ( කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන) යන ප්‍රදේශ වලට මෙම අනතුරු ඇඟවීම බල පැවැත්වේ.
අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.