ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ සිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම online ක්‍රමයට

(උදයම්,කොළඹ)   –  අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමාගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් (On line ) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි. මෙම අවබෝධතා ගිවිසුමට ඊයේ (30) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවරයා පැවසුවේ “මෙම ඔන්ලයින් ක්‍රමය හඳුන්වාදීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 57ක් වැය වෙනවා. නමුත් මෙම ඔන්ලයින් පහසුකම තුළින් සමාගම් ලියාපදිංචිය කාර්යක්ශමව සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන කේ.පීඑම්ජී. (KPMG) සමාගම ලබන වසරේ මාර්තු වන විට මෙම කටයුක්ත අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට එක් දිනක් ඇතුළත තම ව්‍යාපාරය ලියාපදිංචි කරගැනීමේ කටයුත්ත ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා” බවයි

2007 සමාගම් ලියාපදිංචි කිරීමේ පනතට අනුව සියලු සමාගම්, සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර ඒ අනුව 2016 වර්ශය අවසන් වන විට සමාගම් 85 587 ක් සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබේ.

දැනට සමාගමක් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා අවම වශයෙන් දින 3 ක් ගත වන අතර දිනකට සමාගම් 40 ක් පමණ සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබාගනී.

මෙම අවබෝධතා ගිවිසුම ට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කේපීඑම්ජී ආයතනය වෙනුවෙන් සී.පී ජයතිලක යන මහත්වරුන් විසින් අත්සන් තැබූහ.

Related posts

ජපානයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

Leave a Comment