ප්‍රමුඛ පුවත 1

මැති-ඇමති දීමනාව පරිත්‍යාග කිරීමට දේශපාලන පක්ෂ සුදානම්

(උදයම්,කොළඹ)   –  පවතින ආපදා තත්වය හමුවේ අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් මැති ඇමති, දීමනාව පරිත්‍යාග කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ තුන එකඟතව පල කර තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමතිවරු තම දීමනාව පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර ඇත.
සියලු මැති- ඇමතිවරුන්ගේ ජුනි මස දීමනාව විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව නිදහන්ස සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පක්ෂයේ සියලු මැති-ඇමතිවරුන්ගේ දීමනාව දැනටමත් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම්  අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට බැර කෙරෙන අතර එම අරමුදලෙන් විපතට පත් ජනතාව සඳහා මුදල් පරිත්‍යාග ලබාදීමට සිය පක්ෂයද සූදානම් බවය.

Related posts

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

Mohamed Dilsad

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment