ක්‍රීඩා

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනා ප්‍රකාශයට පත් වෙයි

(උදයම්,කොළඹ)   –  ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරයි.

ඒ, ලෝක ප‍්‍රකට ක‍්‍රීඩා වෙබ් අඩවියක් මඟින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවය.ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු පළමු සියදෙනා අතරට ඇතුළත්වනොමැත

ප්‍රථම ස්ථානය  පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට හිමිව ඇත.

දෙවන ස්ථානය අමෙරිකානු බාස්කට් බෝල් ක‍්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස්ට හිමිව තිබේ.

තුන්වන ස්ථානය ආර්ජන්ටිනාවේ පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට හිමිව ඇති අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්ත ටෙනිස් ක‍්‍රීඩක රෝජර් ෆෙඩරර්.

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිව ඇත්තේ එහි 07 වන ස්ථානයයි.

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ සිව් දෙනෙක් පමණයි. ඔවුන් සියලූ දෙනා ඉන්දීය ක‍්‍රීඩකයින් වීම විශේෂත්වකි.

ඉන්දීය එක්දින නායක විරාට් කෝලි එම ලැයිස්තුවේ 13 වෙනියායි.

Related posts

සංගාට සහ මහේලට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් වීමේ අවස්ථාවක්

Mohamed Dilsad

මෙවර IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම වනිඳුට

Mohamed Dilsad

දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment