ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

(උදයම්,කොළඹ)   –  මෝරා සුළි කුණාටුව හා එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයටත් දකුණු ආසියාවේ. අනෙකුත් රටවල් සිදුවූ දරුණු බලපෑම සම්බන්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කනගාටුව පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

සුළි කුණාටුව නිසාත් අධික වර්ෂාව නිසාත් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලැසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් දෙකටම අවශ්‍ය උපරිමය සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකා හා බංග්ලාදේශ යන රටවල් දෙකේ ආණ්ඩු හා එක්ව කටයුතු කරන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.

රටවල් දෙකේම අවතැන් හා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලැසීම සඳහා රටවල් දෙකේ ආණ්ඩු හා එක්ව කටයුතු කරන්නැයි මෙරට හා බංග්ලාදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කටයුතු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනටමත් ආධාර සහන සැලැසීමට ඉදිරිපත් වී ඇතැයි සඳහන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන 4ක් ද ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන 12ක් ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා නායයෑම්වලින් බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක 9ක සහන සැලැසීමේ කටයුතුවල නිරතව සිටින බව ද පවසයි.

Related posts

වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන්ට අනතුරු අගවයි

Mohamed Dilsad

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment